Home SADAHAM CHARIKA

සදහම් චාරිකා

බුදුපියාණන් වහන්සේගේ නිර්මල ථේරවාදී බුදු දහම පවතිනුයේ ලෝකයේ රටවල් කිහිපයක පමණි. එයිනුදු බුරුම රටට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බුදු පියානන් වහන්සේගේ කාලයේ එක ස්ථානයක භික්ෂූන් වහන්සේලා 500/1000 වැඩ සිටි බව අප පොත පතින් කියවා ඇති නමුත් සියසින් දැක තිබුණේ නැත. නමුත් බුරුම රටේදී පිඬු සිඟා  වඩින සිය දහස් ගනන් ස්වාමීන් වහන්සේලා මෙන්ම රනින් බබළන විහාරස්ථාන දැක බලා වැඳ පුදා ගන්නට පිං කර ඇත්තෙමු. එසේම දැනට දහස් ගණනක් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ද ඒ පිං වඩන දසුන් පෙන්වීමට භාග්‍ය උදා වී ඇත්තෙමු. බොහෝ වන්දනා චාරිකා සංවිධාන මුදල් ඉපැයීම පමණක් මුක්‍ය පරමාර්ථය කරගෙන සිදු කරන්නා වූ චාරිකා හේතුවෙන් ඒවාට සහභාගී වන්නා වූ සැදැහැතියන් පත්වන්නේ ඉතා අසීරුතාවකය. මෙහිදී අප අපගේ ශ්‍රී ලංකා බුරුම මිත්‍රත්ව පදනම විසින් විසින් සංවිධානය කරණු ලබන සඳහම් චාරිකාවක් පිලිබඳ යමක් සදහන් කල යුතුම ය.

අපගේ අනුශාසක ස්වාමීන් වහන්සේ වන පූජනීය මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ වසර 10ක පමණ කාලයක් බුරුම රටෙහි වැඩ සිටිමින් ත්‍රිපිටක ධර්මය අධ්‍යනය කරන ලද ස්වාමීන් වහන්සේ නමකි. එසේම උන්වහන්සේ බුරුම භාෂාව ද හොදින් කතා කරන, බුරුම රටත් සමග විශාල සබඳකම් තිඛෙන ස්වාමීන් වහන්සේ නමකි. මේ සියලූ දේ ප්‍රයෝජනයට ගනිමින් අප සංවිධානය සමග මේ උතුම් සදහම් චාරිකාවට සහභාගී වන සැදැහැතියන් බලා ගන්නේ ශාසනික මවුපියන් ලෙසය. මේ වන විටත් ගරුතර මහා සංඝරත්නය ඇතුලූව ශ්‍රී  ලාංකීය බෞද්ධ ජනතාව 8000කට වැඩි ප්‍රමාණය ක් අපගේ සදහම් චාරිකාවන්ට සහභාගී වී ඇති අතර ඒ සියලූ දෙනාට ඉතා සතුටින් හා ආරෂිතව වන්දනා ගමන නිමකොට තම මවු බිමට පැමිණීමට සියලූ කටයුතු සංවිධානය කිරීමට ලැබීම ගැන අප ලබන්නෙ නිරාමිස සතුටකි. ඉදිරියට ද ශ්‍රී  ලාංකීය බෞද්ධ  ජනතාවට සතුටින් හා ආරෂිතව බුරුමය, තායිලන්තය ඇතුලූ රටවල් ගණනාවක් දැක බලා වැඳපුදා ගැනීමට සියලූ කටයුතු සංවිධනය කර ඇති බව සඳහන් කරනුයේ ඉතා සතුටිනි. අපගේ සදහම් චාරිකාවේ දී මෙම රටවල්වල තිබෙන සියලූම පූජනීය සිද්ධස්ථාන හා අනෙකුත් ස්ථාන පිලිබඳ විස්තර සිංහල භාෂාවෙන් පැහැදිලි කර දෙන අතර වීසා ගුවන් ටිකට්පත් තරු පන්තියේ හෝටල්වල නවාතැන් පහසුකම් – ලාංකීය ආහාරපාන සුඛෝපබෝගී බස්රථවල ගමන් පහසුකම් අප විසින් සපයා දෙන්නෙමු.

ශ්‍රි ලංකා බුරුම මිත්‍රත්ව පදනම

(ස්වර්ණභූමි තම්බපණ්ණි සදහම් චාරිකා)

ගරු සභාපති පූජනීිය මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ

ප්‍රධාන සංවිධායක දයාන් සිරිවර්ධන මහතා

වෙහෙර විහාර පිරි මියන්මාරය

ගරු ස්වාමින්වහන්ස/ පින්වත් මහත්මයණනි / මහත්මියණි ,


සජීවීව උතුම් නිර්මල බුදුදහම පවතින රටක් දැක බලා ගන්න නම් ඔබ අනිවාර්යෙන්ම යා යුත්තේ මියන්මාරය හෙවත් බුරුමයටය. මීට වසර ගණනාවකට පෙර බුරුමය නමින් හැදිනවූ මෙම රට වසර ගණනාවක්ම හමුදා පාලනයට යටත්ව ලෝකයෙන් වසන්ව තිබූ ඉතා සුන්දර රටකි.

“ GEOGRAPHI’S TRAVAL” නැමැති සාඟරාවේ හදුන්වන ආකාරයට මියන්මාරය සංචාරකයන්ගේ මනබඳනා ප්‍රධාන රටවල් පනහෙන් එකකි.  විශේෂයෙන්ම ශ්‍රී ලාංකික බෞද්ධ අපට මෙම රට වැදගත් වන්නේ භික්ෂූන් වහන්සේලා ලක්ෂ දොලහක් පමණද දසසිල් මාතාවන් හා භාවනා යෝගීන් ලක්ෂ ගණනක්ද සිටින අතර රණින් බබළන වෙහෙර විහාර ලක්ෂ ගණනක් තිබෙන ඉතා සජීවීව බුදු දහම පවතින රටක් බැවිනි.


ඉන්දියාව, චීනය, තායිලන්තය, ජපානය, මැලේසියාව වැනි රටවල් මෙන් ප්‍රසිද්ධ රටක් නොවන නිසා ඔබ අසාවි බුරුමයේ මොනවද බලන්න තියෙන්නේ කියලා. නමුත් වරක් ගියොත් ඔබ කියාවි බුරුමය යනු බැලිය යුතුම රටක් කියා. අපි ඔබට කාරුණිකව මතක් කර සිටින්නේ ඔබත් මෙම සුන්දර රට තුල සංචාරය කිරීමට බලාපොරොත්තුවන්නේ නම් විශේෂ අවධානය යොමු කල යුතු වැදගත්ම කරුණ වන්නේ හොඳ සංචාරක ආයතනයක් හෝ සුදුසු මාර්ගෝපදේශකවරයෙකු හා සම්බන්ධ වීමය. මොකද බුරුම රට ගැන කිසිත් නොදත් එම රට සමඟ කිසිම සම්බන්ධතාවයක් නොමැති සමහර පුද්ගලයින් පිරිස් රැගෙන ගොස් අතරමන්ව අසරණව අපට මුණගැසුන අවස්ථා අපමණය. එම නිසා ඉතා ප්‍රවේසමෙන් කල යුතු පළමු දෙය නම් හොද සංචාරක ආයතනයක් සොයා ගැනීමයි.


වසර 15 පමණ සිට 36 වතාවක් බුරුම/ තායි සංචාර සංවිධානය කල අප ආයතනය වන ශ්‍රී ලංකා බුරුම මිත්‍රත්ව පදනම : ස්වර්ණභූමි තම්බපන්ණි සදහම් චාරිකා – සමග ගිය සිය දහස් ගණන් ශ්‍රී ලංකා බෞද්ධයන් අතර කිසිදු කෙනෙක් අසතුටෙන් හා කණස්සල්ලෙන් ලංකාවට නොපැමිණි බව සඳහන් කරනුයේ ඉතා සතුටින් හා ආඩම්බරයෙනි. ඊට ප්‍රධාන හේතුව වන්නේ අප ගරු අනුශාසක ස්වාමීන්වහන්සේගේ මඟ පෙන්වීම මෙන්ම උන්වහන්සේ බුරුම රටෙහි ඉගෙනගත් , බුරුම භාෂාව හොදින් කථා කරන බුරුම රට සමඟ ඉතා හොඳ සම්බන්ධතාවයක් තිබෙන බැවිනි. මෙවරද අප ආයතනය මඟින් පහත සදහන් දිනයන්හි සංවිධානය කරනු ලබන චාරිකාවන්ට ඔබටද සම්බන්ධ වීමට බලාපොරොතු වන්නේනම් ඉතා ඉක්මනින් දන්වන මෙන් කරුණාවෙන් මතක්කර සිටිමු.

 

තෙරුවන් සරණයි!!

චාරිකා කාල සටහන

          අපගේ චාරිකාවන්                     දින ගණන                    පිටත්වීම
                       බුරුම / තායි සංචාරය                        දින 15     නොවැම්බර්    07
                       බුරුම සංචාරය                        දින 10     නොවැම්බර්    07
                       තායිලන්ත සංචාරය                        දින 05     නොවැම්බර්    17
                       බුරුම / තායි සංචාරය                        දින 15      දෙසැම්බර්     10
                       බුරුම  සංචාරය                        දින 10      දෙසැම්බර්     10
                       තායිලන්ත සංචාරය                        දින 05      දෙසැම්බර්      20

බුරුම තායි සඳහම් චාරිකාව සඳහා අවශ්‍ය කරනු ලබන ලිපි ලේඛන

බුරුම වීසා සදහා

තායි වීසා සදහා

ඉහත සදහන් ලිපිලේඛන ඉතා ඉක්මණින් සකස් කර ගෙන අප වෙත ලැබීමට සලස්වන්න. යම් ගැටළුවක් ඇත්තම් පහත සදහන් දුරකථන අංකයනට අමතන ලෙස දන්වන අතර ඔබට පින් වැඩෙන සැදැහැබර සඳහම් චාරිකාවක්  වෙනුවෙන් නිරතුරුව කැප වී කටයුතු කරන බව දන්වා සිටින්නෙමු.  

ශ්‍රි ලංකා බුරුම මිත්‍රත්ව පදනම (ස්වර්ණභූමි තම්බපණ්ණි සදහම් චාරිකා)

 

ශ්‍රි ලංකා බුරුම මිත්‍රත්ව පදනම (ස්වර්ණභූමි තම්බපණ්ණි සදහම් චාරිකා)

 

 

නො/30/3/1,කළල්ගොඩ, පන්නිපිටිය,

 

නො:177/1/B, කොට්ටාව මාලඹේ පාර, හෝකන්දර දකුණ.

 
 
0115238778 / 0773353950 / 0717610285
 
email- sadahamc@gmail.com
 
Facebook -Sadaham charika 

ඔබ මෙම ගමන සඳහා සහභාගීවීමට අදහස් කරන්නේ  නම් මෙම අයදුම් පත්‍රය සම්පූර්ණ කර හැකි ඉක්මනින් අප වෙත ලැබීමට සලස්වන්න.  අයදුම්පත් අවශ්‍ය ප්‍රමාණයක් පිටපත් කර ගන්න.

ඇතුළත්වීමේ අයදුම්පත

තමන් වෙනුවෙන් වගකිව යුතු අයෙකුගේ