“ළමා හා බෞද්ධ යන අංශ දෙකක් යටතේ දිදුල නාලිකාව විකාශය වන අතර මෙහිදී අප බලාපොරොත්තු වනුයේ සමස්ථ ලෝ වැසි බෞද්ධ ජනතාවට ශ්‍රී සද්ධර්මය නිරවද්‍යව ප්‍රචාරය කිරීමත් එමෙන්ම ළමා අංශයමගින් බලාපොරොත්තු වනුයේ සමස්ථ රට වැසි ලෝ වැසි ළමා පරපුර ගුණධර්මවලින් යහපත් පරිපූර්ණ දරුවන් කැලක් බවට පත් කිරීමයි. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ කිසිඳු රූපවාහිනි නාලිකාවකින් සිදු නොකල දෙයක් දිදුල රූපවාහිනි නාලිකාවෙන් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්, අනාගත දරු පරපුරටත් ලබා දීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.”
දරුවන්ට විශේෂිත වූ රූපවාහිනී නාළිකාවක්..
වර්තමාන ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාළිකා පිළිබඳව අවධානය යොමුකිරීමේ දී රටේ අනාගත භාරකාරයින් වන දරුවන් ඉලක්කකර ගත් රූපවාහිනී නාලිකාවක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් ලෙස හදුනාගෙන ඇත.
මීට ප්‍රධාන හේතුව වන්නේ නිෂ්පාදනය වන වැඩසටහන් හුදෙක්ම ළමා මානසිකත්වය හදුනාගෙන නොමැතිව නිර්මාණය වන ඒවා වීමයි.
මෙම ගැටළුවට ප්‍රයෝගික විසදුමක් ලෙස අප සංවිධානය දීර්ඝ කාලීනව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දරුවන්ටම විශේෂිත වූ රූපවාහිනී නාලිකාවක් යෝජනා කෙරේ.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් , විශේෂ හැකියාවන් ඇති දරුවන් , වීදි දරුවන් , ග්‍රාමීය හා නාගරික දරුවන් ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකේය දරු පරපුරම නියෝජනය වන පරිදි ඔවුන්ගේ අවශතාවයන් මැනවින් හදුනාගත් රුපවාහිනී නාලිකාවක් ලෙස “ටීවී දිදුල” නාලිකාව විද්‍යුත් මාධ්‍ය හරහා සමාජ ගත කිරීමට අප කටයුතු කලෙමු.
නූතන වානිජකරණයේ දැඩි ග්‍රහණයට හසුවූ මෙරට වැඩිහිටි පරම්පරාව, ඒ තුළින් අතෘප්තිමත් පරිභෝජන රටාවක ගැණුම්කරුවන් වී සිටින අවධියක, ළමයා යනු ශරීරයෙන් පමණක් කුඩා තවත් එක් වැඩිහිටියෙකු වශයෙන් නිර්දය අර්ථගැන්වීමක යෙදීමට ලොවපුරා තම ආධිපත්‍ය පතුරුවමින් සිටින පැසිස්ම් ඔන්වාදයට ඇති ශාක්‍යතාවය අවම නොවෙති. එම නිසාම සුන්දර ළමා ලෝකයට දැඩිව ඇළුම්කරන පිරිස ළමයා යනු ශරීරයෙන් කුඩා තවත් වැඩිහිටියෙකු නොවන බව ලෝකයට අවධාරණය කරමින් සුන්දර ළමා ලෝකය, ළමුන් හටම උරුම කර දීමට මහත් අරගලයක යෙදී සිටී.
අපිදු ළමයා ශරීරයෙන් කුඩා තවත් වැඩිහිටියෙකු නොවන බව වැරෙන් අවධාරණය කරන්නෙමු. එමෙන්ම ළමයාට දඟ කිරීමට ඇති අයිතිය ප්‍රසිද්ධියේ පිළිගන්නෙමු. වර්තමාන විලම්භීත අධ්‍යාපන රටාව තුළ තම දරුවා ගතානුගතික වහලෙකු කිරීමට වැඩිහිටියන් ගන්නා සාහසික උත්සාහ හෙළා දකින්නෙමු.
එපමණක් නොව, ළමා ලෝකය නමින් විරුදාවලි ලත් ළමා ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ මානවීය වගකීමද අපි වටහාගෙන ඇත්තෙමු.
මෙම සත්කාරය තුළ අපි ඉලක්ක කරනුයේ රූපවාහිනියේ ග්‍රාහකයන් බවට පත් වී සිිටින නූතන ළමා පරපුර පමණක් නොවෙති. ආර්ථීක හා සමාජීය විශ්තුලනය හේතුකොටගෙන වර්තමානයේ රට පුරාම නොයෙක් පීඩනයන් හා අසාධාරණයන් හට සෘජුවම මුහුණ දී සිටින ළමා පරපුර සාර්ථක ක්‍රමවේදයක් තුළින් ඉන් මුදාගෙන ඔවුන් ආර්ථීක වශයෙන් හා සමාජීය වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් නගා සිටිවීමේ ජාතික වගකීම අපි මනාව වටහාගෙන සිටින්නෙමු. ඒ අරමුණ වෙනුවෙන් සක්‍රීය වන්නෙමු.
නීරෝගිමත් ශාරීරික මානසිකත්වයකින් යුතු බුද්ධිමත් මානව දයාවෙන් සපිරි, මනා කුසලතාවයන්ගෙන් සුපෝෂිත තාර්කික දරු පරපුරක් බිහිකරලීම අප නාලිකාවේ අරමුණයි.
දැක්ම
නීරෝගිමත් සංතෘප්ත ළමා මනසක් තුළින් දැහැමි, සංවර්ධිත රටක්
මෙහෙවර
“ළමා ලෝකය” කෙරෙහි සාවදානාත්මක වීම හා “ළමා ලෝකය” ළමුන් හටම පිරිණැමීම
මූලික අරමුණු
- යන්ත්‍රයක් වෙනුවට සජීවී මිනිසෙකු නිර්මාණය කිරීම අප නාලිකාවේ අරමුණයි.
- අපි සිතන ආකාරයට ළමයා යනු ළමයෙකි. ඔහු සිරුරෙන් කුඩා මිනිසෙකු නොවේ. ඔහුගේ ස්වභාවය දඟ කිරීමයි. ළමයා වැඩිපුරම ඇදී යන්නේ සෙල්ලමටයි. අන්න ඒ සැබෑ දඟකාර ළමයා සංවර්ධනය කිරීම අපගේ අරමුණයි.
- එච්(H)- ත්‍රිත්වයට අනුව (Head, Heart, Hands) – අපගේ ළමා පරපුර බුද්ධිය, කරුණාදයාව, කුසලතාවය යන තෙවැදෑරුම් මූලධර්ම යටතේ නගා සිටුවීමට අපි ක්‍රියාකරන්නෙමු.
- දරුවාට දඟ කිරීමට අයිතියක් තිබේ යන්න අපි පිළිගන්නෙමු. ඔහු යටහත්, අලස දරුවෙකු කිරීම අපගේ ඉලක්කය නොවේ. ඒ වෙනුවට අපි ඔහු නිර්මාණාත්මක කරන්නෙමු.
- රූපවාහිනී මාධ්‍යයෙන් ඔබ්බට ගොස් දරුවාට සමීප භාහිර ක්‍රියාකාරකම් තුලින් වඩාත් නිර්මාණාත්මක හා තාර්කික කිරීමට අපි කටයුතු කරන්නෙමු. ඒ තුළින් නාලිකාවට වඩාත් සීීඝ්‍රයෙන් ජනගත කරන්නෙමු.
- විවිධ සමාජීය හා දැඩි ආර්ථීක ගැටළු වලට මුහුණ දී වත්මන් රට පුරා විවිධ ස්ථරයන්හි විසිරී සිටින ළමුන් ඉන් මුදාගෙන නගා සිටුවීමට අපි කටයුතු කරන්නෙමු.
- වත්මන් ළමා පරපුර ශාරීරිකව, මානසිකව, අධ්‍යාත්මිකව හා සමාජීයව සෞඛ්‍ය සම්පන්න කිරීමට අප නාලිකාව වැඩ සටහන් සම්පාදනය කරනු ලැබේ.
තොරතුරු සම්පාදනය හා අරමුණු

රොහාන් ඉදුනිල් මහතා
බෞද්ධ වැඩසටහන් කලමණාකාර
අමා මෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය සමස්ථ ලෝ වැසි බොදු දනන් හට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධය පිණිස නිවැරදිව ප්‍රචාරය කරමින් සසරේ ඇලී, ගැලී සිටින සත්වයින් සසරින් එතෙර කරන්නට මග කියා දී වටිනා වැඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදිය මගින් TV දිදුල බෞද්ධ රූපවාහිනිය දැවැන්ත සේවාවක් සමස්ථ බෞද්ධ ජනතාවට ඉටු කරනු ලබනවා. ඒ වගේ ම Dialog Tv නාලිකා අංක 17 ඔස්සේත්, TNL රූපවාහිනී නාලිකාව ඔස්සේත්, Dish Tv 2509 නාලිකා අංකය ඔස්සේත්, Peo Tv නාලිකා අංක 117 ඔස්සේත්, සමස්ත ලෝකවාසී ලංකාවාසී සියලූ දෙනාට අප සමීප කරනු ලබනවා.

සජිත් රණසිංහ මහතා
ළමා වැඩසටහන් කලමණාකාර
ශ්‍රී ලංකාවේ විද්‍යුත් නාලිකා පෙර නොකල දෙයක් අප මේ වන විට සිදු කරගෙන යමින් තිබෙනවා. ළමා මනසට ගැලපෙන ළමා මනස පෝෂනය කරන වැඩ සටහන් සහ සමස්ථ දරු පරපුරේ අධ්‍යාත්මික ගුණ වගාව පිණිස දරුවාට දඟ කිරීමේ අයිතිය ලබා දෙන්නටත්, දරුවාට නිර්මාණශීලී ලෙස කටයුතු කරමින් යහපත් ගුණ ගරුක පුර වැසියෙක් බවට පත් වෙමින් දැනුම, කුසලතා, ආකල්ප හා ගුණධර්ම වර්ධනය කරනු පිණිස TV දිදුල ළමා නාලිකාව දැවැන්ත මෙහෙයක් මේ වන විටත් ඉටුකොට ඉදිරියටත් ඉටු කිරීමට නියමිතයි. ඒ වගේ ම Dialog Tv නාලිකා අංක 17 ඔස්සේත්, TNL රූපවාහිනී නාලිකාව ඔස්සේත්, Dish Tv 2509 නාලිකා අංකය ඔස්සේත්, Peo Tv නාලිකා අංක 117 ඔස්සේත්, සමස්ත ලෝකවාසී ලංකාවාසී සියලූ දෙනාට අප සමීප කරනු ලබනවා. ඒ නිසාවෙන් අපි ඔබට ආරාධනා කරනවා දිදුල සමඟ රැඳී සිටින ලෙසට.