Home About Us

දරුවන්ට විශේෂිත වූ රූපවාහිනී නාළිකාවක්..

“ළමා හා බෞද්ධ යන අංශ දෙකක් යටතේ දිදුල නාලිකාව විකාශය වන අතර මෙහිදී අප බලාපොරොත්තු වනුයේ සමස්ථ ලෝ වැසි බෞද්ධ ජනතාවට ශ්‍රී සද්ධර්මය නිරවද්‍යව ප්‍රචාරය කිරීමත් එමෙන්ම ළමා අංශයමගින් බලාපොරොත්තු වනුයේ සමස්ථ රට වැසි ලෝ වැසි ළමා පරපුර ගුණධර්මවලින් යහපත් පරිපූර්ණ දරුවන් කැලක් බවට පත් කිරීමයි. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ කිසිඳු රූපවාහිනි නාලිකාවකින් සිදු නොකල දෙයක් දිදුල රූපවාහිනි නාලිකාවෙන් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්, අනාගත දරු පරපුරටත් ලබා දීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.”

 

 

වර්තමාන ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාළිකා පිළිබඳව අවධානය යොමුකිරීමේ දී රටේ අනාගත භාරකාරයින් වන දරුවන් ඉලක්කකර ගත් රූපවාහිනී නාලිකාවක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් ලෙස හදුනාගෙන ඇත.

මීට ප්‍රධාන හේතුව වන්නේ නිෂ්පාදනය වන වැඩසටහන් හුදෙක්ම ළමා මානසිකත්වය හදුනාගෙන නොමැතිව නිර්මාණය වන ඒවා වීමයි.
මෙම ගැටළුවට ප්‍රයෝගික විසදුමක් ලෙස අප සංවිධානය දීර්ඝ කාලීනව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දරුවන්ටම විශේෂිත වූ රූපවාහිනී නාලිකාවක් යෝජනා කෙරේ.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් , විශේෂ හැකියාවන් ඇති දරුවන් , වීදි දරුවන් , ග්‍රාමීය හා නාගරික දරුවන් ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකේය දරු පරපුරම නියෝජනය වන පරිදි ඔවුන්ගේ අවශතාවයන් මැනවින් හදුනාගත් රුපවාහිනී නාලිකාවක් ලෙස “ටීවී දිදුල” නාලිකාව විද්‍යුත් මාධ්‍ය හරහා සමාජ ගත කිරීමට අප කටයුතු කලෙමු.

 

නූතන වානිජකරණයේ දැඩි ග්‍රහණයට හසුවූ මෙරට වැඩිහිටි පරම්පරාව, ඒ තුළින් අතෘප්තිමත් පරිභෝජන රටාවක ගැණුම්කරුවන් වී සිටින අවධියක, ළමයා යනු ශරීරයෙන් පමණක් කුඩා තවත් එක් වැඩිහිටියෙකු වශයෙන් නිර්දය අර්ථගැන්වීමක යෙදීමට ලොවපුරා තම ආධිපත්‍ය පතුරුවමින් සිටින පැසිස්ම් ඔන්වාදයට ඇති ශාක්‍යතාවය අවම නොවෙති. එම නිසාම සුන්දර ළමා ලෝකයට දැඩිව ඇළුම්කරන පිරිස ළමයා යනු ශරීරයෙන් කුඩා තවත් වැඩිහිටියෙකු නොවන බව ලෝකයට අවධාරණය කරමින් සුන්දර ළමා ලෝකය, ළමුන් හටම උරුම කර දීමට මහත් අරගලයක යෙදී සිටී.

අපිදු ළමයා ශරීරයෙන් කුඩා තවත් වැඩිහිටියෙකු නොවන බව වැරෙන් අවධාරණය කරන්නෙමු. එමෙන්ම ළමයාට දඟ කිරීමට ඇති අයිතිය ප්‍රසිද්ධියේ පිළිගන්නෙමු. වර්තමාන විලම්භීත අධ්‍යාපන රටාව තුළ තම දරුවා ගතානුගතික වහලෙකු කිරීමට වැඩිහිටියන් ගන්නා සාහසික උත්සාහ හෙළා දකින්නෙමු.

එපමණක් නොව, ළමා ලෝකය නමින් විරුදාවලි ලත් ළමා ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ මානවීය වගකීමද අපි වටහාගෙන ඇත්තෙමු.

මෙම සත්කාරය තුළ අපි ඉලක්ක කරනුයේ රූපවාහිනියේ ග්‍රාහකයන් බවට පත් වී සිිටින නූතන ළමා පරපුර පමණක් නොවෙති. ආර්ථීක හා සමාජීය විශ්තුලනය හේතුකොටගෙන වර්තමානයේ රට පුරාම නොයෙක් පීඩනයන් හා අසාධාරණයන් හට සෘජුවම මුහුණ දී සිටින ළමා පරපුර සාර්ථක ක්‍රමවේදයක් තුළින් ඉන් මුදාගෙන ඔවුන් ආර්ථීක වශයෙන් හා සමාජීය වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් නගා සිටිවීමේ ජාතික වගකීම අපි මනාව වටහාගෙන සිටින්නෙමු. ඒ අරමුණ වෙනුවෙන් සක්‍රීය වන්නෙමු.

නීරෝගිමත් ශාරීරික මානසිකත්වයකින් යුතු බුද්ධිමත් මානව දයාවෙන් සපිරි, මනා කුසලතාවයන්ගෙන් සුපෝෂිත තාර්කික දරු පරපුරක් බිහිකරලීම අප නාලිකාවේ අරමුණයි.

දැක්ම

නීරෝගිමත් සංතෘප්ත ළමා මනසක් තුළින් දැහැමි, සංවර්ධිත රටක්

මෙහෙවර

ළමා ලෝකය” කෙරෙහි සාවදානාත්මක වීම හා “ළමා ලෝකය” ළමුන් හටම පිරිණැමීම

මූලික අරමුණු

තොරතුරු සම්පාදනය හා අරමුණු

ඉතිහාසය මුලික කර ගන්නා වැඩසටහන්

ළමා මනසට උචිත පරිදි, ඔහුගේ දැනුම හා රසාස්වාදනය වඩවන අපගේ ඉතිහාසය සතු දැවැන්ත වාපී සංස්කෘතියක් ථේරවාදය පදනම් කරගත් දැවැන්ත කලා කෘතීන් ඇතුළුව පුරා විද්‍යාව, ඉතිහාසය, මානව විද්‍යාව, සමාජ විද්‍යාව යන විෂයන් මූලාශ්‍ර කොටගෙන වැඩ සටහන් නිපදවනු ලැබේ.

සෞන්දර්යාත්මක වැඩසටහන්

ළමයාගේ උසස්, බුද්ධිමත් රසවින්දනය දියුණු කර එතුලින් ඔහු නීරෝගී හා සමබර මානසිකත්වයකින් යුතු දරුවෙකු බවට පත් කරනු ලබන, කව්සිළුමිණ, සැළලිහිණිය, යශෝධරාවත වැනි කාව්‍ය ග්‍රන්ථයන්ද, බුත්සරණ, ගම්පෙරලිය, චරිත තුනක් වැනි සාහිත්‍ය කෘතීන්ද සම්භාව්‍ය සංගීතය හා පෙර අපර දෙදිග සම්භාව්‍ය නර්තනාංගද ඇතුළත් නිර්මාණ ඉදිරිපත් කරනු ලැබේ.

ක්‍රීඩාව මූලික කරගත් වැඩසටහන්

ජයග්‍රහණය, ධනය, කීර්තිය පමණක් ඒකායන කරගත් ක්‍රීඩා භාවිතාවක් වෙනුවට ක්‍රීඩාව තුලින් ජාතික සම`ගිය මෙන්ම පුද්ගල පෞරුෂ සංවර්ධනය කිරීම හා එහි සාමූහික භාවිතාව පිළිබ`ද වැටසටහන් නිපදවනු ලැබේ.

කාටූන් වැඩ සටහන්

ළමා ලෝකය වැඩිම ග්‍රහණය කර ගන්නා කාටූන් වැඩ සටහන් වර්තමානය වන විට සමාජයේ වැඩි විවේචනයට ලක්වී තිබේ. ළමුන් සඳහා විවිධ වෙළෙඳ භාණ්ඩ නිපදවන බහු ජාතික සමාගම් වල දැඩි වානිජ අරමුණු වල ග්‍රහණයට හසුව තිඛෙන මෙම මාධ්‍ය දිනෙන් දිනම ළමා ලෝකයට කාඩ්බෝඩ් වීරයින් බිහිකරමින් සමාජයම මහත් ඛේදවාචකයකට එළඹෙමින් සිටී. අප යලිදු 80 දශකයේ මුල් භාගයේ මෙරටට හඳුන්වා දුන් මහත් ඉදිරිගාමී නිර්මාණාත්මක කාටූන් කථා මෙන් ළමා මනස සංවර්ධනය කරනු ලබන කාටූන් නිර්මාණය කරන්නෙමු.

සංගීත වැඩසටහන්

නූර්ති, නාඩගම් ඇතුළු පැරණි රසාංග හා ග්‍රැමෆෝන් යුගයේ ගීත රසවිදින්නට නූතන ළමා පරපුරට අවකාශයක් නොමැති වී තිබේ. හෙළයට ආවේණික සංගීත සම්ප්‍රදායක් බිහිකල සුනිල්ශාන්තයන්ගේ ගීතයක් ළමා පරපුරට ඇස්සවීමට කිසිදු උත්සාහයක් වත්මනේ කිසිදු උත්සාහයක් නොගනී. මේ අයුරින් නූතන ළමා පරපුරේ උසස් රසඥතාවය නොතකා හැර තිබේ. මෙවන් යුගයක යළිඳු ස්වභාවික සංගීතය ළමා පුරපුරට රස විඳීමට අප විසින් අවස්ථාව උදාකර දෙන්නෙමු.

අධ්‍යාපන වඩසටහන්

ළමයාගේ විභාග ඉලක්කගත අධ්‍යාපන රටාවක රුකුලක් සපයන අතරම සම්ප්‍රදායෙන් ඔබ්ඛෙහි තිඛෙන්නාවූ නිර්මාණාත්මක, තාර්කික ළමා පරපුරක් බිහි කරලීම සඳහා අප විසින් වැඩසටහන් සම්පාදනය කරනු ලැබේ.

දර්ශනය මූලික කරගත් වැඩසටහන්

පොදු ජන ජීවිත සංහිදියාවකට රැගෙන යාමකට මෙන්ම එය ශික්ෂණයට හා සංවරයට පත්වන බුද්ධ දර්ශනය ඇතුළු පෙර අපර දෙදිග දර්ශනවාදයන් පිළිබඳව සරලව, නිරවුල්ව තොරතුරු සංවාද හා වාර්තා වැඩසටහන් තුලින් ඉදිරිපත් කරනු ලැබේ.

විද්‍යා මූලික කරගත් වැඩසටහන්

පාසල් විෂය නිර්දේශයට අදාළව මූලික විෂයක් වන විද්‍යාව කාර්මික විප්ලවයෙන් පසුව මානව ශිෂ්ඨාචාරය කෙරෙහි තම ආධිපත්‍ය පතුරුවන්නට විය.
විද්‍යාව නූතන තාක්ෂණය හරහා මිනිසා මවිත කිරීමට සමත්ව ඇතත් ඔහු විනාශයෙන් ගලවා ගැනීමට සමත් වී නැත. විද්‍යාව පිළිබඳව ළමා මනසට හා ඔහුගේ අධ්‍යාපනික අවශ්‍යතාවයනට ගැළපෙන පරිදි වැඩසටහන් නිර්මාණය කරනු ලැබේ.

සොබාදහම මූලික කරගත් වැඩසහන්

ළමා ලෝකය හා සොබාදහම ඒකාත්මිකවීමේ මහඟු අගය අප විසින් මනාව වටහාගෙන සිටින්නෙමු. තම ජීවිත කාලය තුල හැකි තරම් පරිභෝජනය කර මිය යාම තම ඒකායන අරමුණ කරගත් නූතන සමාජය සොබාදහම නොතකා හැරීම ඔහුගේ මහා ඛේදවාචකය බවට පත්වී තිබේ.
අපි සෞන්දර්යාත්මකව සොබාදහම යළි ළමා ලෝකයට මුණගස්වන්නෙමු.

ලෙනින් ඉන්දික
ප්‍රධාන විධායක නිළධාරි
අමා මෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය සමස්ථ ලෝ වැසි බොදු දනන් හට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධය පිණිස නිවැරදිව ප්‍රචාරය කරමින් සසරේ ඇලී, ගැලී සිටින සත්වයින් සසරින් එතෙර කරන්නට මග කියා දී වටිනා වැඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදිය මගින් TV දිදුල බෞද්ධ රූපවාහිනිය දැවැන්ත සේවාවක් සමස්ථ බෞද්ධ ජනතාවට ඉටු කරනු ලබනවා. ඒ වගේ ම Dialog Tv නාලිකා අංක 17 ඔස්සේත්, TNL රූපවාහිනී නාලිකාව ඔස්සේත්, Peo Tv නාලිකා අංක 117 ඔස්සේත්, සමස්ත ලෝකවාසී ලංකාවාසී සියලූ දෙනාට අප සමීප කරනු ලබනවා.
නිස්සංක මාදුලආරච්චි
නාලිකා ප්‍රධානි
ශ්‍රී ලංකාවේ විද්‍යුත් නාලිකා පෙර නොකල දෙයක් අප මේ වන විට සිදු කරගෙන යමින් තිබෙනවා. ළමා මනසට ගැලපෙන ළමා මනස පෝෂනය කරන වැඩ සටහන් සහ සමස්ථ දරු පරපුරේ අධ්‍යාත්මික ගුණ වගාව පිණිස දරුවාට දඟ කිරීමේ අයිතිය ලබා දෙන්නටත්, දරුවාට නිර්මාණශීලී ලෙස කටයුතු කරමින් යහපත් ගුණ ගරුක පුර වැසියෙක් බවට පත් වෙමින් දැනුම, කුසලතා, ආකල්ප හා ගුණධර්ම වර්ධනය කරනු පිණිස TV දිදුල ළමා නාලිකාව දැවැන්ත මෙහෙයක් මේ වන විටත් ඉටුකොට ඉදිරියටත් ඉටු කිරීමට නියමිතයි. ඒ වගේ ම Dialog Tv නාලිකා අංක 17 ඔස්සේත්, TNL රූපවාහිනී නාලිකාව ඔස්සේත්, Peo Tv නාලිකා අංක 117 ඔස්සේත්, සමස්ත ලෝකවාසී ලංකාවාසී සියලූ දෙනාට අප සමීප කරනු ලබනවා. ඒ නිසාවෙන් අපි ඔබට ආරාධනා කරනවා දිදුල සමඟ රැඳී සිටින ලෙසට.